කිතුණු බැතිමතුන් ගේ අප්‍රමාණ භක්ති ආදරයට පාත්‍ර වූ මැවුම්කාර දෙවියන් වහන්සේ ජේසු සමිඳානන් ලෙස මිනිස් ස්වරූපයෙන් මනු ලොව බිහි වීමේ මංගල්‍යය නත්තලයි. මීට අවුරුදු 2021 ට පෙර අද වැනි දිනක වූ ඒ අසිරිමත් සිදු වීම ලොවපුරා කිතුනුවෝ අදත් මහත් හරසරින් සමරති.
ගලීලයට අයත් නාසරෙත් නම් නගරයේ ‘මරියා’ නම් යුවතියක් වාසය කළා. දිනක් ඇය යාච්ඤා කරමින් සිටියදී හදිසි ආලෝකයක් ඇතිවුණා. ඈ හිස ඔසවා බැලුවා. ඈ ඉදිරිපිට දේව දූතයෙක් සිටියා.
මේ හදිසි දර්ශනයෙන් ඇය බොහෝ සේ තැතිගත්තා. “මරියාණෙනි, බිය නොවන්න. ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාද ලද්දෙහිය. ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නේය. උන්වහන්සේට ජේසුස් යන නාමය තබන්න” දෙවියන් වහන්සේට කීකරු දිවියක් ගතකළ මරියා දේව කැමැත්ත සතුටින් භාර ගත්තා.
තමා විවාහ ගිවිසාගෙන සිටි යුවතිය ගැබ්ගෙන ඇති බව දැනගත් ජෝෂප් බෙහෙවින් කලකිරීමට පත් වුණා. ඔහු රහසේම ඇය අත්හැරදැමීමට තීරණය කළා. එහෙත් දේව දුතයෙක් සිහිනෙන් ඔහුට දර්ශනය වී සියල්ල පැහැදිලි කළා.
මරියාගෙ ප්‍රසව කාලය සම්පූර්ණ වීමට ආසන්නව පැවැති සමගේ අගෝස්තුස් අධිරාජ්‍යයා ජන සංගණනයක් පැවැත්වීමට නියම කර තිබුණා. සියලුදෙනාම සංගණනය සඳහා තම තමුන්ගේ නුවරවලට යාම අනිවාර්යය වුණා. දාවිත්ගේ වංශයට අයත්ව සිටි ජෝශප්ට තමුන්ගේ වංශයට අයත් නගරය වන බෙත්ලෙහෙමට මරියාත් සමග පිටත් වුණා.
ඔවුන් බෙත්ලෙහෙමට ළඟා වනවිට රෑබෝවීමට ආසන්න වුණා. රාත්‍රී නවාතැනක් සොයාගතයුතුව තිබුණා. එහෙත් බෙත්ලෙහෙමට දුරබැහැරින් පැමිණි ජනතාවගෙන් ලැඟුම්හල්, තානායම් පිරී පැවතුණා. මරියාගේ ප්‍රසව වේදනාව උත්සන්න වේගෙන එද්දී අන්තිමේදී ඔවුන්ට ගවමඩුවක් හමු වුණා. සීතලෙන් පිරුණු රාත්‍රියේ එළු බැටළුවන්ගෙන් පිරි මඩුවේ පිදුරු අතර ඔවුන් නවාතැන් ගත්තා. රාත්‍රියේ මරියාට ප්‍රසව වේදනා ඇතිවුණා. ඇය පුතෙකු බිහිකොට රෙදිවලින් ඔතා ගව ඔරුවේ නිදි කෙරෙව්වා.
ඒ යාමයේ එඬේරු තමුන්ගේ බැටළුවන් රකිමින් අසල තණ පිට්ටනියක ගිනිමැලයක් වටා රැස්වී සිටියා. හදිසියේ ඔවුන් මැදට දේවදූතයෙක් පැමිණියා. “බිය නොවන්න. මුළු ජනතාවටම ප්‍රීතියට හේතුවන පුවතක් ගෙනාමි. දාවිත්ගේ නුවර ඔබ හට ගැළවුම්කාරයෙක් උපන්නේය. යන්න…. රෙදිවලින් ඔතා ගවඔරුවක තබා ඇති බිළිඳෙක් ඔබට සම්බ වේවි.”
මෙයින් පුදුමයට පත්වුන එඬේරු කතාවේ ඇත්ත නැත්ත බැලීමට තීරණය කළා. රාත්‍රිය පුරා අහසේ දේව දූතයන්ගේ ගායනා හඬ ඔවුන්ට ඇසුනා. දේවදූතයා කියූ සළකුණු ඔස්සේ පැමිණි එඩේරු බිළිඳා දැකගත්තා.
එදින රාත්‍රියේ කවදාවත් නොදුටු තාරකාවක් අහසේ පායා තිබිණි. එය දුටු පෙරදිග ශාස්ත්‍රවන්තයෝ තිදෙනෙක් තම ශ්රාස්ත්රයේ අරුතින් එය වටහාගෙන “ජුදෙව්වරුන්ට රජව උපන් උතුමාණෝ උපන්නේ කොහේද? යැයි අසමින් ගලීලය වෙත ආහ.
මඟදී ඔවුන්ට තරුව නැවත දර්ශනය විය. ඔවුහු ඒ අනුව ගොස් බිළිඳා දැකගත්හ. ගෙනා පඬුරු වූ රන් ද, තුවරලා ද, ගන්ධරස ද පූජා කළහ.
මේ අයරින් දිලුදු පවුලක, ගවහලක ඉපදෙමින් මහෝත්තම දෙවියන් මිනිසුන් අතරට පැමිණීම මහත් වූ ප්‍රේමයේ සලකුණක් ලෙස කිතුනුවෝ විශ්වාස කරයි. එහෙයින්ම ඔවුන් මහත් හරසරින් දෙවු සමිදානන්ගේ මනුලෝකප්රප්තිය සමරයි.
අපේ රටේ පවා උදුවප් මාසය ළඟාවත්ම කිතුණුවෝ නත්තලයට සැරසෙති. ගෙවල් සුද්ධ පවිත්රකරමින්, අලංකාර කරනවාක් මෙන්ම වයින්, නත්තල් කේක් යන මුලික රස කෑම වර්ගද උදුවපට මාස දෙක තුනක සිට පිළියල වෙයි. නත්තල ලං ලං වෙත්ම නිවෙස් තුළ පිළියෙල වන කැවිලි වර්ගත්, සමග මුහු වී නත්තල ආසන්න වෙත්ම කිතුනු නිවෙස් වලින් වහනය වන නත්තල් සුවද අන්‍යාගමිකයින් සිතු තුළද ඇති කරන්නේ පුදුමාකාර ප්‍රබෝධමත් හැඟීමක්.
නත්තලට දවසක් විතර තියෙද්දී නිවසට ගෙන එන නත්තල් ගහේ සුවද පෙරකී සුවද තවත් විචිත්‍රවත් කරන අතර සයිප්‍රස් සුවඳ මුසු වූඒ සුවඳ සැබෑ ක්‍රිස්මස් සුවඳ ලෙස නම් කළහොත් එහා වරදක් නැත.
නත්තල ගැන කතා කරන විට නත්තල් සීයා ගැන කතා නොකරම බැහැ. කුඩා දරුවන් බෙහෙවින් ඇලුම් කරනා චරිතයක් වන නත්තල් සීයාගෙන් තෑග්ගක් ලබා ගැනීමට ආගම් භේදයකින් තොරව සියලුදෙනාම ප්‍රිය කරනවා. හොඳ ළමයින්ට හොරෙන්ම ඇවිත් තෑගි බෝග දෙනවා කියන විශ්වාසය නිසා නත්තල් කාලේ දරුවන්ගේ හිතේ ඇති කරන්නේ පුදුමාකාර බලාපොරොත්තුවක්. නත්තලේ තිබෙන බෙදාහදා ගැනීමේ සතුට හොඳින් පිළිබිඹු කරන චරිතය තමයි මේ නත්තල් සීයා.
අද වෙනකොට නත්තලේ සැබෑ අරුත වැසී නත්තල ප්‍රභල ලෙස වාණිජකරණය වී ඇත. එහෙත් ඔබට පුලුවන්නම්
*කෙනෙකුගේ මුවට සිනහවක් එක් කරන්න.
* ඔබව ප්‍ර කෝප කරන අයකුට පවා ඉවසීමෙන් හා කරුණාවෙන් ප්‍රතිචාර දකවන්න.
* කිසිදා ඔබේ සමාව නොගන්නා කෙනෙකුට හදවතින්ම සමාව දෙන්න.
* කිසිවක් බලාපොරොත්තු නොවී තවකෙකුට ඔබේ කාලය දෙන්න.
සාමයේ කුමරු නොහොත් ජේසු බිලිඳුන් මෙලොවට වැඩිම සෑබෑ ලෙසම අරුත් ගැන්වීමට අපට හැකි ය.
ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය නම් ප්‍රේමය යි. එම නිසා නත්තල යනු සාමයේ සමය ලෙස සලකන්න. ප්‍රේමය හා සාමය බෙදාගැනීමේ මංගල්‍යය වන නත්තලේ සැබෑ කිතු උපත සිදුවන්නේ නිහතමානි ආදරවන්ත සිත් තුළ පමණක් බව වටහා ගන්න.
ඔබ සැමට සිරි සුබ නත්තලක් වේවා!
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ