ඉන්දියාවෙන් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයින් රැල්ලක් වාර්තා වනවා.
ගතවූ පැය 24 තුළදී ඉන්දියාවෙන් ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 122 ක් හදුනාගත් බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කළේ. ඒ අනුව මේ දක්වා ඉන්දියාවෙන් ඔමික්‍රොන් ආසාදිතයින් 415 දෙනෙකු වාර්තා වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම ආසාදිතයින්ගෙන් 91% ක් ම පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වන අතර 27% ක් කිසිදු විදෙස් සංචාරයක නිරත නොවූ පුද්ගලයින් බවයි හදුනාගෙන තිබෙන්නේ.
ඉන්දියාව තුළ මේ දක්වා බූස්ටර් එන්නත් මාත්‍රා ලබාදීමට කටයුතු ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් පාර්ශව රැසකගේ දැඩි කණස්සල්ල පළවී තිබෙනවා. ඒ හේතුවෙන් ඉන්දියාව තුළ අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්