පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මනම්පිටිය ප්‍රදේශයේ තරුණියක් විවාහ කර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසනවා.
පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 34 හැවිරිදි වියේ පසුවන සීප්පුකුලම ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලෙක් බව සඳහන්.
සැකකරු සතුව තිබී ප්‍රධාන පොලිස් පරීක්ෂක නිල ලාංඡනය සහිත නිල ඇඳුමක්, එම නිල ඇඳුමෙන් ලබා ගන්නා ලද ඡායාරූපයක් සහ රුපියල් පන් දහසේ ව්‍යාජ නෝට්ටු දෙකක්ද සොයා ගත් බව පොලීසිය පවසනවා.
සැකකරු අද පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?