නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමීවීම ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමට ප්‍රමාදවීමට හේතුව බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා
මීට පෙර සමාගම මගින් වෙළඳ පොළට නිකුත් කරන ලද නිල් සහ කලු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර නැවත එක් කිරීම සහ ඒවායින් ගෑස් ඉවත් කිරීම යන ක්‍රියාවලිය සඳහා කාළයක් ගතවන බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
ඉදිරියේදී ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපාංග ආනයනය සඳහා පියවර ගෙන ඇති බව ද සඳහන්.
මේ වනවිට දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 30 දහසත් 40 දහසත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කර බෙදාහරින අතර එම සිලින්ඩර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික අධිකාරියේ ප්‍රමිතීන්ට හා අධික්ෂණය යටතේ නිෂ්පාදනය කරන බවයි සමාගම පවසන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ