කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ එලිමහන් සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා
ඒ අනුව සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී සංගීත ප්‍රසංග පැවැත්වීම සඳහා අවසර ලබා දෙන ලෙස පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් සියලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
සිකුරාදා සහ සෙනසුරාදා දිනවල සවස 6 සිට අලුයම 1 දක්වාද, ඉරිදා දිනවලදී සවස 6 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා මෙලෙස සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිව තිබෙනවා
මේ අතර ගෙවුනු දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 458 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 84 දහස් 107 දක්වා ඉහළ ගියා.
මේ අතර, ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 14 දහස් 901 දක්වා ඉහළ ගියේ ගෙවුණු දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 17 ත් සමගයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ