මෙරට ජනතාවට ජපානයේ රැකියා වැඩිපුර ලබා දීමට කටයුතු කරන බවත් ජපානයේ ආයෝජකයන් මෙරටට ගෙන්වීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිෂුකොෂි හයිඩියැකි පැවසීය.
2022 වසර වනවිට ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය ගොඩනැගී වසර 70ක කාලයක් සැපිරෙන බැවින් එය සැමරීම සඳහා ජපන් තානාපතිවරයා මහනුවර දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව මේ බව කීවේය.
දළදා මාළිගාවට පැමිණි තානාපතිවරයා එහි ජාත්‍යන්තර කටයුතු ලේකම් ගාමිණි බණ්ඩාර විසින් පිළිගනු ලැබීය. පසුව දළදා සමිඳුන් වන්දනා කර විශේෂ අමුත්තන්ගේ පොතේ සටහනක් තැබූ තානාපතිවරයා සිහිවටනයක්ද ප්‍රදානය කළේය.
ඔහු දළදා මාළිගාවේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයේ ජපන් ප්‍රදර්ශන කුටියද නිරීක්ෂණය කළේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ