වසර ගණනාවක් තිස්සේ කිසිඳු සංවර්ධනයකට ලක් නොවූ ප්‍රදේශ හා නගර ඉලක්ක කරගනිමින් සියක් නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව ජනතා අවශ්‍යතාවයන් හඳුනාගෙන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි.
නගර සියයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ලබාදුන් පොරොන්දුවක්.
ඒ අනුව පුත්තලම – මාදම්පේ සහ තෝප්පුව නගරත්, අනුරාධපුරය නගරයත්, පොළොන්නරුව ජයන්තිපුර නගරයත් මූලික කරගනිමින් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ අවසන් කෙරෙමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කළා.
සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පළමුව දිස්ත්‍රික් 25 තුළ සැලසුම් කළ ව්‍යාපෘති 30 ක වැඩ කටයුතු කඩිනමින් නිමවා ජනතා අයිතියට පත්කිරීම රජයේ අපේක්ෂාවයි.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම