ගතවූ පැය 24 ට පමණක් ඇමරිකාවෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ දහ තුන් දහසකට ආසන්නයි.
එමෙන්ම ප්‍රංශයෙන් ඊයේ දිනයේ දී ආසාදිතයින් එක් ලක්ෂ හැත්තැ නව දහස් අටසිය හත් දෙනෙකු හමුවී ඇති අතර බ්‍රිතාන්‍ය යෙන් ආසාදිතයින් එක් ලක්ෂ තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වනවා. ඉතාලිය, ග්‍රීසිය, පෘතුගාලය ඇතුලු යුරෝපයේ රටවල් රැසකින් වාර්තා වන දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
උත්සව සමය එළඹීමත් සමග ජනතාව කොරෝනා වයිරසය පිළිබද සැලකිල්ලක් නොදක්වමින් කටයුතු කිරීම මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමට මූලික හේතුව වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ.
ඉදිරි දින කිහිපය තුළදී යුරෝපයේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ අවදානමක් පවතින බවද එම සංවිධානය අනතුරු අගවනවා.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්