මෙක්සිකෝවේ උතුරු හා මධ්‍ය ප්‍රදේශ් දේශ සීමාව ආසන්නයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබෙනවා
වෙඩි තැබීම සිදුවූ නිවස ආසන්නයේ නිවසක තිබී වෙඩි වැදී මියගිය 16 හැවිරිදි දැරියකගේ සහ මාස 16 ක දරුවෙකුගේ ද සිරුරු සොයාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කළේ
නිරන්තරයෙන් මෙවැනි ඝාතන සිද්ධීන් වාර්තාවන මෙක්සිකෝවේ ගුවානාජුවාටෝ ප්‍රදේශයේ පසුගිය මාසයේ දී පමණක් සිදුවූ වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 11 දෙනෙකු මියගියා.
මේ සම්බන්දයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එරට රාජ්‍ය අභ්‍යන්තර ලේකම් ලිබියා ගාර්සියා කියා සිටියේ මෙවැනි බියගුලු ක්‍රියා සිදුකිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන අතර වින්දිතයන් වෙනුවෙන් කවදා හෝ යුක්තිය ඉටු වනු ඇති බවයි
More Stories
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්
චීන – කාම්බෝජ මිතුදම චීන ජනපති ඉහළින් අගය කරයි