එංගලන්තය තුළ නැවතවරක් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ වාර්තා වුණා.
ඔමික්‍රෝන් කොරෝනා වයිරස් ප්‍රභේදය එංගලන්තය තුළ ශීඝ්‍රයෙන් පැතිරයාමත් සමග නැවතත් මෙලෙස ආසාදිතයින් වාර්තාවීම වේගවත් වී ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව නව කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ අසූතුන්දහස් තුන්සිය හැත්තෑවක් ඊයේ දිනයේ දී එරටින් හදුනා ගැණුනා.
ඊට පෙර දිනයට සාපේක්ෂව පනස් තුන්දහසකින් ඉහළ යාමක් ලෙසයි එය සැලකෙන්නේ. නව අවුරුදු උදාවත් සමග එංගලන්තය තුළ සංචරණ සීමා පැනවීමට අපේක්ෂා නොකරන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසනවා. ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේද ලොව පුරා පැතිරයාමේ ශීඝ්‍රතාව ඉතා අවදානම් බව අද දිනයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවූවා.
More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය