පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබිමේ වටයේ තරඟාවලිය ලබන 18 වැනිදා මැලේසියාවේදි ආරම්භ වීමට නියමිතයි.
ජනවාරි 24 වැනිදා දක්වා කණ්ඩායම් 5 ක සහභාගිත්වයෙන් මෙම තරඟාවලිය පැවැත්වෙනවා.
තරඟ කාල සටහන
2022 ජනවාරි 18 – මැලේසියාව හා ස්කොට්ලන්තය
බංග්ලාදේශය හා කෙන්යාව
2022 ජනවාරි 19 – ශ්‍රී ලංකාව – ස්කොට්ලන්තය
මැලේසියාව – බංග්ලාදේශ
2022 ජනවාරි 20 – ශ්‍රී ලංකාව – කෙන්යාව
2022 ජනවාරි 22 – කෙන්යාව – ස්කොට්ලන්තය
ශ්‍රී ලංකාව – මැලේසියාව
2022 ජනවාරි 23 – බංග්ලාදේශ – ස්කොට්ලන්තය
මැලේසියාව – කෙන්යාව
2022 ජනවාරි 24 – ශ්‍රී ලංකාව – බංග්ලාදේශ
මැලේසියාව , ස්කොට්ලන්තය , බංග්ලාදේශ , කෙන්යා හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වල සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදි එක් කණ්ඩායමක් පමණක් මෙම වසරේ එංගලන්තයේ බර්මිංහැම් හිදි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.
20-20 තරඟාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන 7 වැනිදා දිවයිනෙන් පිටත්ව යනවා.
ක්‍රිඩිකාවන් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ දිනවල පුහුණුවීම් වල නිරත වනවා.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ වටය සඳහා සහභාගි වන බවට වාර්තා වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය.
01) චමරි අතපත්තු – (නායක)
02) හර්ෂිතා මාදවි – (උප නායක)
03) ඉනෝකා රණවීර
04) නිලක්ෂි ද සිල්වා
05) හසිනි පෙරේරා
06) සුගන්දිකා කුමාරි
07) ඕෂදී රණසිංහ
08) අමා කාංචනා
09) උදේශිකා ප්‍රබෝධනී
10) අචිනි කුලසූරිය
11) අනුෂ්කා සංජීවනී
12) කවිෂා දිල්හාරි
13)තාරිකා සෙව්වන්දි
14) ප්‍රසාදිනී වීරක්කොඩි
15) විශ්මි ගුණරත්න
16) සචිනි නිසංසලා
එමෙන්ම තවත් කාන්තා ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු Standby ක්‍රිඩිකාවන් ලෙස නම් කර ඇති බවද වාර්තා වනවා.
1) ඉමේෂා දුලානි
02) සත්‍යා සංදීපනී
03) මධුෂිකා මෙත්තානන්ද
04) කාව්‍යා කාවින්දි
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පොදුරාජ්‍ය මණ්ඩලයීය සුදුසුකම් ලැබිමේ මෙම තරඟාවලිය ජයග්‍රහණය කිරිමට වැඩි අවස්ථාවක් පවතිනවා.
මෙම තරඟාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායම එළඹෙන ජුලි මස 29 වැනිදා එංගලන්තයේ බර්මිංහැම් හිදි ආරම්භ වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා ක්‍රිකට් තරඟාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා.
එම තරගාවලියට මේ වනවිටත් සත්කාරක එංගලන්ත , ඕස්ට්‍රේලියාව , ඉන්දීයාව , පාකිස්තානය ,බාබිඩෝස් , නවසීලන්තය , දකුණු අප්‍රිකාව යන කාන්තා කණ්ඩායම් සුදුසුකම් ලබා අවසන්.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව