මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 16 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 2064 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
අයි ඩී එච් රෝහලින් නව දෙනෙකුද, ඉරණවිල රෝහලින් 4 දෙනෙකුද, පනාගොඩ යුධ හමුදා රෝහලින් දෙදෙනෙකුද, කාත්තන්කුඩි මූලික රෝහලින් එක් අයෙකු ද සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කිසිදු ආසාදිතයෙකු වාර්තා වූයේ නැහැ. මේ අනුව සමස්ත ආසාදිතයන් ගණන 2730 ක් ලෙස තවදුරටත් පවතිනවා.
මෙරටින් හමු වූ ආසාදිතයන් අතුරින් විදේශිකයෙකු ඇතුලු 655 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.
එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවිඞ් ආසාදිතයන් 562 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන තිබෙනවා.
විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 874 දෙනෙකු වෛරසය ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
මේ අතර මේ වනවිට පී.සී.ආර්.පරික්ෂණ 141,515 ක් සිදුකර ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඊයේ දිනයේදි සිදුකර ඇති පී.සී.ආර්. පරික්ෂණ ගණන 1110 ක්.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව