මානුෂිය ආධාර යටතේ ඉන්දීය රජය, අසල්වැසි ඇෆ්ගනිස්තානයට ‘කොවිඩ්19’ එන්නත් පන්ලක්ෂයක් පරිත්‍යාග කර ඇතැයි වාර්තා වේ.
මෙලෙස පරිත්‍යාග කර ඇත්තේ සියයට 100 ක් ඉන්දියාවේ නිපදවන ‘කොවැක්සින්’ එන්නත්ය.
එන්නත් තොගයක් ඊයේ (1) ඇෆ්ගනිස්තානය වෙත යවා ඇති අතර, ඉදිරි දින කිහිපය තුළදී තවත් එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් යැවීමට ඉන්දීය රජය සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
එන්නත් තොගය කාබූල් අගනුවර වෙත රැගෙන ගොස් ඇත්තේ ඉරාන ‘මහන්එයාර්’ ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි. මීට පෙර ද කාබූල් අගනුවර ඉන්දිරා ගාන්ධි අනුස්මරණ රෝහල වෙත ඉන්දීය රජය මගින් ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා පන්ලක්ෂයක් යවා තිබුණි.
ඉදිරියේදී ද මානුෂීය ආධාර ලෙස ගොඩබිම් මාර්ගය ඔස්සේ පාකිස්තානය හරහා ඇෆ්ගනිස්තානයට තිරිඟු පිටි ටොන් 50,000 ක් ද යැවීමටද ඉන්දීය එජය සූදානමින් සිටී.
More Stories
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්
චීන – කාම්බෝජ මිතුදම චීන ජනපති ඉහළින් අගය කරයි