නව කොරෝන වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරනවා.
ඒ ඊයේ දිනයේදී මෙරටි වෛරසය ආසාදනය වූ රෝගීන් 22ක් හඳුනා ගැනීමත් සමගයි.
ඊයේ දිනයේදී වාර්තා වූ රෝගීන් අතර විදේශ ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන ක්‍රියාවලියට යොමුවී සිටි පුද්ගලයින් 21 දෙනෙකු සිටිනවා.
ඔවුන්ගෙන් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට පැමිණි පිරිස් වන අතර ඉතිරි 07 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයයි.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ දී කොරෝනා ආසාදනය වූ ආශ්‍රිතයෙකුගේ ස්පර්ශකයෙකුටද නොරොච්චෝලෙයි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියදී වෛරසය ආසාදනය වූ බවට පී.සී.ආර්. පරික්ෂණවලදී තහවුරු වුණා.
මේ වන විට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2064ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 677ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ