අගමැති තවත් තීරණාත්මක සාකච්ඡාවක

‍අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ.

අරලියගහ මන්දිරයේදී පෙරවරු 11.00ට එම සාකච්ඡාව ආරම්භ වුණි.

ඉල්ලීම් 7ක් මුල්කර ගනිමින් පසුගියදා එම සංගමය සිව්දින දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වු අතර ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාවක් ලබාදී තිබුණි.

අද පැවැත්වෙන එම සාකච්ඡාවෙන් අනතුරුව යළි වැඩවර්ජනයකට යොමු වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com