තම සිසුවෙකුට දෙමව්පිය කැමැත්ත නොමැතිව කොවිඩ් එන්නත ලබාදුන් විද්‍යා ගුරුවරියක් ව අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
බලධාරීන් පැවසුවේ ඇයට වෛද්‍ය ක්ෂේත්‍රයේ කිසිදු සුදුසුකමක් නොමැති බවය.
54 හැවිරිදි ජීවවිද්‍යා ගුරුවරියක් වන ලෝරා රූසෝ, අදාළ එන්නත් මාත්‍රාව සිය නිවසේදී එම සිසුවා ට ලබාදී ඇති අතර එය නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස බලධාරීන් පවසයි.
ඇය එම චෝදනාවට වැරදිකරු වුවහොත් වසර 4ක සිර දඬුවමක් හිමිවීමට ඉඩ ඇති බව එරට මාධ්‍ය පැවසීය.
17 හැවිරිදි පාසල් සිසුවා එන්නත ලබාගැනීමට කැමැත්ත පළකර තිබුණි.
එම ගුරුවරිය කොවිඩ් එන්නත ලබාගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භකර තිබේ.
මෙතෙක් වයස අවුරුදු 18ට අඩු අමෙරිකානුවන්ට එන්නත් කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ ෆයිසර් එන්නත පමණි.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්