ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණය කළ නවසීලන්තය සිය රටේදීම පරාජය කිරීමට අද (05) බංග්ලාදේශය සමත් විය.
දෙරට අතර Mount Maunganui ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත්වූයේ වාර්තාගත ලෙසය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 328 රැස් කළේය. ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 458 රැස් කළ අතර එහිදී නායක මොනිමුල් හක් ලකුණු 88ක් ලබාගත්තේය.
නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 169කට සීමා කිරීමට බංග්ලාදේශය සමත් විය.
එහිදී වේග පන්දුයවන එබැඩට් හොසේන් ලකුණු 46කට කඩුලු 6ක් දවා ගත්තේය. එය බංග්ලාදේශ වේග පන්දුයවන්නෙක් විදෙස් රටකදී වාර්තාකළ හොඳම පන්දු යැවීම වෙයි.
ඒ අනුව ජයග්‍රහණයට අවශ්‍යව තිබූ ලකුණු 40 කඩුලු 2ක් පමණක් දැවී ලබාගනිමින් තරගය ජයගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.
මෙය බංග්ලාදේශය, නවසීලන්තය ට එරෙහිව නවසීලන්තයේදී වාර්තාකළ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරග ජයග්‍රහණය වන අතර එය බංග්ලාදේශය, නවසීලන්තයට එරෙහිව වාර්තාකළ පළමු ටෙස්ට් ජය ලෙසද වාර්තා පොතේ ලියවෙයි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි