උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ