භානුකගේ නැවත කැඳවීම අසත්‍යයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ තීරණය නැවත සළකා බැලීම පිළිබඳ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලා.

එහි ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කළේ භානුක රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගැනීමක් හෝ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය වෙනස් කරන බවට කිසිදු දැනුම්දීමක් මේ වන තෙක් සිදුකර නොමැති බවයි

එළඹෙන සිම්බාබ්වේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහාද භානුක රාජපක්ෂ එක් කරගෙන ඇති බව සඳහන් තොරතුරු වලද කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ඇෂ්ලිද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com