ප්‍රංශයේ නීති සම්පාදක ජෝස් එවර්ඩ් කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මියගොස් තිබේ.
එරට පාර්ලිමේන්තු සභාපතිවරයා ඊයේ (07) දිනයේ මේ බව නිවේදනය කළ බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ජෝස් එවර්ඩ් ප්‍රංශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට එරෙහිව විරෝධතා දැක්වූවෙකු බව වාර්තා වේ.
සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට එරෙහි විරෝධතාකරුවන්ට ඔහු සහාය ලබාදී ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.
76 හැවිරිදි ජෝස් එවර්ඩ් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබුණේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
More Stories
දකුණු චීන මුහුදේ ගැටුම් විසඳීමට විදේශ බලවේග මත විශ්වාසය තැබීමෙන් පිලිපීනයට ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත – චීනය
ඇමරිකාව තීරුබදු වැඩි කිරීම සම්බන්ධයෙන් චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කරයි
ඇමරිකානු භාණ්ඩ සඳහා චීනයෙන් තවත් 50% ක තීරුබදු