පාර්ලිමේන්තුවේ කෑම මිල ගැන ගත් තීරණය

ගෑස් ඉන්ධන කිරිපිටි එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගේ, සේවකයන්ගේ සහ අමුත්තන්ගේ ආහාර වේල්වල මිලද පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් මේ මාසයේ සිටම වැඩි කරනු ලැබ තිබෙනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර වේලේ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මන්ත්‍රීවරුන්ගේ ආහාර වේලේ මිල පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉදිරියේදී රැස්වී තීරණය කරනු ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කරා

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම නිසා ගෘහ කාරක සභාව මේවනවිට පවතින්නේ අක්‍රිය තත්වයේය.

පාර්ලිමේන්තුවේ ආහාරවල මිල ගණන් මෙසේ වැඩි කෙරෙන්නේ වසර හතරකට පමණ පසුව බවද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

මෙම නව මිල සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවේ විධායක නිලධාරියකුගේ කෑම වේල සඳහා (විධායක ශ්‍රේණි ආපනශාලාව) මාසිකව අය කෙරුණු රුපියල් හාරසියයේ ගාස්තුව රුපියල් 700 දක්වා වැඩි කෙරෙනු ඇත.

සාමාන්‍ය සේවකයකු සඳහා (සාමාන්‍ය ආපන ශාලාව) මාසිකව අය කෙරුණු රුපියල් දෙසීයේ ගාස්තුව නව මිල සංශෝධනය යටතේ රුපියල් හාර සියයක් දක්වා වැඩි කෙරෙන අතර පොලිස් නිලධාරියකුගෙන් කෑම වේලක් සඳහා අය කෙරුණු රුපියල් 25ක මුදල රුපියල් පනහක් 50 ක් දක්වා වැඩි කෙරේ.

පාර්ලිමේන්තු ආවරණය සඳහා පැමිණෙන මාධ්‍යවේදියකුගේ කෑම වේලක් සඳහා අය කෙරුණු රුපියල් 70ක මුදල රුපියල් සියයක් දක්වා වැඩි කෙරෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසන්නේ.

ගෑස් ඉන්ධන කිරිපිටි එළවළු සහල් සහ ආහාර පිළියෙළ කිරීමට අවශ්‍ය වන අමුද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා පැරණි මිල ගණන් වලට ආහාර ලබාදීම කිසිසේත්ම කළ නොහැකි හෙයින් මිල ගණන් මෙසේ සංශෝධනය කළ බව පාර්ලිමේන්තු ආපනශාලා අංශයේ ප්‍රකාශකයෙක් සදහන් කර සිටියේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com