චීනයෙන් පොහොර මෙට්‍රික්ටොන් 80,000 ක් මාර්තු සහ අප්‍රේල් මාස වන විට ආනයනය කරන බවත් එම පොහොර තොගය එළඹෙන කන්නය සඳහා යොදා ගැනීමටත් බලාපොරොත්තු වන බවත් කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා පැවසීය.
ප්‍රතික්ෂේප කළ චීන පොහොර නැවෙන් පොහොර නැවත නොගන්නා බව කී සභාපතිවරයා එම චීන සමාගමෙන් ලැබෙන අලුත් පොහොර ද තත්ව පරීක්ෂාවෙන් පසුව පමණක් ලබාගන්නා බව ද සඳහන් කළේය.
චීනෙන් ආනයනය කරන පොහොරවල නයිට්රජන් සංයුතිය වැඩි බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්