සර්බියානු ජාතික සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ගේ වීසා බලපත්‍රය දෙවන වරටත් අවලංගු කිරීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් පෙර පියවර ගෙන තිබේ.
සංක්‍රමණ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි එම තීරණය ගෙන ඇත.
එමෙන්ම නොවැක් ජෙකොවිච් හට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අවුරුදු 3ක තහනමක් පැනවීමටද කටයුතු කළ හැකි බවද එරට ආගමන කටයුතු පිලිබඳ අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ආරම්භවීමට දින කිහිපයකට පෙර මෙලෙස ඔහුගේ වීසා අවලංගු කෙරුණු අතර ජොකොවිච් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ අවධානමකටද ලක්ව සිටියි.
එන්නත්කරණයෙන් තොරව ඔස්ට්‍රේලියාවට පැමිණීම හමුවේ පළමුවරට ඔහුගේ වීසා අවලංගු කෙරුණේ පසුගිය 06 වනදාය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි