සංචාරක සේවා සපයන ඇතැම් ආයතන දේශීය සංචාරකයින් නොසළකාහරිමින් විදේශිකයන්ට පමණක් සැළකීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් එම අයතනවල බලපත්‍ර අවලංගු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එවැනි සිද්ධි පිළිබඳව දේශීය සංචාරකයින්ගෙන් විධිමත්ව පැමිණිලි ලැබුණහොත් අදාළ ආයතන ගැන නීතිමය පියවර ගැනීමට නොපසුබට නොවන බවත් එම ආයතනවල බලපත්‍ර අවලංගු කර සියලුම සංචාරකයින් දැනුම්වත් කිරීමට කටයුතු කරන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
ඇතැම් සංචාරක සේවා ආයතන අනුගමනය කරන වෙන්කර සැලකීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව කියන සංචාරක සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලු පුරවැසියන්ට සමාන අයිතිය ලබාදීම මෙන්ම කිසිඳු පුද්ගලයෙකුට, ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය හෝ එවැනි කවර හෝ හේතුවක් සහ කරුණක් යටතේ වෙනස් කර සැළකිය නොහැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා පුරවැසියන් සංචාරක කර්මාන්තය දුෂ්කරතාවයට පත්වූ අවස්ථාවලදී කර්මාන්තය සමඟ රැදී සිටි බවත් ඒ අනුව සෑම අවස්ථාවකදීම සංචාරක කර්මාන්තයට සහාය වී ඇති දේශීය සංචාරකයන් කර්මාන්ත පාර්ශවකරුවන් ලෙස සැළකිය යුතු බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ