විශ්‍රාම ගිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය’ හෙවත් ඕමානයේ දී අද ආරම්භ වේ.
ඉන්දියා මහරාජාස්, ඒසියා ලයන්ස් සහ වර්ල්ඩ් ජයන්ට්ස් යන කණ්ඩායම් 3 මෙවර තරගාවලිය සදහා සහභාගී වේ.
ආසියානු කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් 9 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතය. 1996 ලෝක ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග තිබෙනවාග එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරන, තිලකරත්න ඩිල්ෂාන්, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, උපුල් තරංග, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, දිල්හාර ප්‍රනාන්දු යන ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් මෙම කණ්ඩායමට ඇතුලත්ය.
අද පළමු තරගය පැවැත්වෙන්නේ ඉන්දියා මහාරාජාස් කණ්ඩායම සහ ඒසියා ලයන්ස් කණ්ඩායම් අතරයි.
විරේන්ද්‍ර ෂෙවාග්, යුවරාජ් සිං, හර්බජාන් සිං, ඉර්ෆාන් පතන්, යූසුප් පතාන්, නයන් මොංගියා සහ ආර් පී සිං තරග ඉන්දියා මහරාජා කණ්ඩායමටත් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම ඩැරන් සැමී, ඩැනියෙල් විටෝරි, කෙවින් පීටර්සන්, හර්ෂල් ගිබ්ස්, බ්‍රෙට් ලී ඇතුළු ක්‍රීඩකයින් රැසක්ද ක්‍රීඩා කරති.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි