උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දී ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ වසර එකහමාරක පමණ කාලයක් එම දරුවන් නිවෙස්වලට වී සිටීම පිළිබඳව අවධානය යොමු කරමිනි. උසස් පෙළ විභාග රාජකාරි සඳහා අයැදුම් කර ඇති ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරුන් ඒ සඳහා නිදහස් කිරීමටත් ඒ වෙනුවට එම කාලසීමාව සඳහා වෙනත් ශ්‍රේණිවල ගුරුවරුන් යෙදවීමටත් පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසීය.
විභාග කාලසීමාවේ දී ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා නොදෙන ලෙසට පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු ද අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. එම ඉල්ලීම ද ඉහත තීරණයට හේතු වූ බව ලේකම්වරයා කීවේය.
උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පවතින පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් පාසල්වලට කැඳවීමේ දී සුදුසු ක්‍රමවේදයක් සකසා ගන්නා ලෙස අමාත්‍යාංශය එම විදුහල් ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
මේ අතර අමාත්‍යාංශයේ ඉහත තීරණයට ලංකා ගුරු සංගමය විරෝධය පළ කරයි. එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කළේ එම තීරණය හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග රාජකාරි සඳහා අයැදුම් කර සිටින ගුරුවරුන්ට අසාධාරණයක් වන බව ය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ