එංගලන්තයේ හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක පෝල් ෆාබ්‍රේස් වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීම ස්ථිර වශයෙන් සිදුවන බව වාර්තා වේ. අවසන් වටයේ සාකච්ඡා සාර්ථකව අවසන් වුවහොත් ශ්‍රී ලංකා සහ එංගලන්ත හිටපු සහය පුහුණුකරු නව භූමිකාව භාර ගැනීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
සියල්ල හොඳින් සිදුවුවහොත්, ලබන මස අගදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පිලෙ ඉන්දීය සංචාරයෙදි පෝල් ෆාබ්‍රේස් එම භූමිකාව භාරගනු ඇත.
මේ අතර ජාතික කණ්ඩායමේ සහය පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස්ගේ නම තීරණය කර තිබෙනවා. නවාස් එම තනතුර පිළිගන්නේ නම්, බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ පුහුණුකරු ලෙස ඔහුගේ වර්තමාන පුහුණුකරු සේවය අත්හැරීමට සිදුවේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව