පිටරටින් පැමිණි ලාංකිකයන් 896ක් කොරෝනා ආසාදිතයන්

ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 2753 දක්වා ඉහළ ගියා.

සෞදි අරාබියේ සිට පැමිණ මෙරට නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු මෙලෙස ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. මේ වන විට කොරෝනා ආසාදිතයන් 2094ක් සුවය ලබා ඇති අතර, රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 648ක්.

මේ අතර කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවිඩ් ආසාධිතයන් 563 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන තිඛෙනවා.

විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 896 දෙනෙකු වෛරසය ආසාධිතයන් බවට හඳුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 101 ක් බව සඳහන්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com