චිත්‍රපටයක් නිසා ගූගල් හි ප්‍රධානියාට ලෙඩක්

සිය අනුදැනුමෙන් තොරව තමන් නිෂ්පාදනය කළ චිත්‍රපටයක් යුටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීම සහ ඒ හරහා අති විශාල මුදලක් උපයා ගැනීම යන චෝදනා සම්බන්ධයෙන් ලොව සුප්‍රකට ,ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චායි ඇතුළු නිලධාරීන් 05 දෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

බොලිවුඩයේ සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදකයෙකු වන සුනිල් දර්ශන් විසින් බුද්ධිමය දේපල උල්ලංඝණය කිරීම යන චෝදනාව යටතේ මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවට වාර්තා වනවා.

ඔහු විසින් තිර රචනය කොට නිෂ්පාදනය කරන ලද “Ek Haseena Thi Ek Deewana Tha” චිත්‍රපටය කිසියම් පාර්ශවයක් විසින් යුටියුබ් නාලිකාව ඔස්සේ මුදාහැර ඇති අතර ඒ හරහා විශාල මුදලක් උපයා ඇති බවට ඔහු චෝදනා කරනවා.

” මම මේ සම්බන්ධයෙන් ගුගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චායිට චෝදනා එල්ල කර සිටිනවා. ඔහු මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි. මේ වන විට යුටියුබ් නාලිකාව හරහා එම චිත්‍රපටය බිලියනයකට අධික සංඛ්‍යාවක් නරඹා තිබෙනවා. මේ ගැන මම ගූගල් සමාගමට දැන්නුවත් ඔවුන් නිසි ක්‍රියාමාර්ග ගෙන තිබුනේ නැහැ’ චිත්‍රපට නිෂ්පාදක සුනිල් දර්ශන් සඳහන් කර සිටියා.

ඒ අනුව ගූගල් සමාගමේ ප්‍රධාන විධායක  නිලධාරිවරයා ඇතුළු සේවකයින් 05 දෙනෙකුට එරෙහිව මුම්බායි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්වී තිබෙනවා.

ඉන්දීය ජාතිකයෙකු වන ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා එරට පුරවැසියෙකුට පිදෙන තුන්වන ගෞරව සම්මානය වන පද්ම විභූෂණ සම්මානයෙන් පිදුම් ලබා සිටිනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com