වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පිටකොටුවේ සහල්වල තොග මිල ගණන් පිළිබඳව විමසීම සඳහා පැමිණියා .
පාකිස්ථානයේ සංචාරය කර දිවයිනට පැමිණෙන අතරතුර ශ්‍රී ලංකාවේ සහල් මිල නැවතත් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට පැතිරයන අසත්‍ය ප්‍රචාර පිළිබඳව දැනගැනීමයි මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණයි.
මෙහිදී පිටකොටුවේ සහල් තොග වෙළදුන් සමග මිල ගනන් විමසීමේ දී අද වන විට කැකුළු සහල් කිලෝ 1ක තොග මිල රු100කුත් නාඩු සහල් කිලෝ 1ක තොග මිල රු.105කු සම්බා සහල් කිලෝ 1ක තොග මිල රුපියල් 118 ක් බව දැනගන්නට ලැබුණා .
ඒ අනුව අද සිටම ක්‍රියාත්මක වන පරිදි දැනට රුපියල් 130 කට අලෙවි කරන සම්බා කිලෝවක මිල අද සිට රුපියල් 128 අඩු කිරීමට කටයුතු කරන ලෙස ඔහු බලධාරීන්ට දැනුම් දුන්නා
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ