කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමඟ දරුවන් අතර තවත් බරපතළ රෝගී තත්ත්වයක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ දරුවන්ට වැළඳෙන මෙම බහු ඉන්ද්‍රීය ආසාදින තත්ත්වය මිස්-සී ලෙස හඳුන්වන බවයි.
එම රෝගී තත්ත්වය මාරාන්තික විය හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.
මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් දින කිහිපයක් තිස්සේ 900 යේ සීමාව ඉක්මවා වාර්තා වී තිබෙනවා.
කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ එළඹෙන සති දෙකකින් පමණ පසුව දරුවන් අතරින් ”මිස්-සී ආසාදිතයන් වාර්තා විය හැකි බවටයි අනුමාන කෙරෙන්නේ.
ඒ අනුව අවුරුදු 12 ට වැඩි දරුවන්ගේ ප්රතිශක්තීකරණය වර්ධනය කිරීම වඩා වැදගත් බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කළේ.
මේ අතර ජනතාව එන්නත්කරණයට යොමු නොවුන හොත් ඉදිරි දෙසතිය තීරණාත්මක වනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වැඩබලන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.
එන්නත්කරණයට ලක්විය යුතු අවදානම් කණ්ඩායම් මෙතෙක් තුන්වන හෙවත් බුස්ටර් මාත්‍රාව ලබා නොගැනීම කොවිඩ් මර්ධනයට අභියෝගයක් වී ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව රට යළි අවදානමට ලක්වීමේ තත්ත්වයක් උදාවිය හැකි බවද වෛද්‍ය සමිත ගිණිගේ මහතා අවධාරණය කළා.
එන්නත්කරණය සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත සමබන්ධයෙන්ද විශේෂඥ වෛද්‍යවරයා කරුණු දක්වා සිටියා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ