ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට, දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැකියාව පවතිනවා.
මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවීමේ හැකියාව පවතිනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්