ඉන්දුනීසියාව එරටට සංචාරකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ, ඔමික්‍රොන් ප්‍රභේදය එරට සීඝ්රයෙන් පැතිර යාම හේතුවෙන්.
අග්නිදිග ආසියානු කලාපයේ ඉහළ කොවිඩ් ව්‍යාප්තියක් ඇති රටවල් අතරට ඉන්දුනීසියාව ද අයත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව ජකර්තා ගුවන් තොටුපළෙන් විදේශීය සංචාරකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව නවතා දැමීමටයි එරට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ.
ඉන්දුනීසියානු රෝහල් පද්ධතියේ සියයට 65 කට වැඩි ප්‍රමාණයක් ඔමික්‍රොන් ආසාදදිතයන් වෙනුවෙන් වෙන් කර ඇති බවද සඳහන්.
එය සෞඛ්‍ය ක්ෂේත්රයට දරාගත නොහැකි මට්ටමට පැමිණ ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය