එංගලන්තය ප්‍රභලයින් එලියට දමයි

එංගලන්තය මාර්තු මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් හි ටෙස්ට් තරග 3ක් සදහා සංචාරය කිරීමට නියමිත අතර ඒ සදහා තෝරා ගනු ලැබු ඔවුන්ගේ සංචිතයෙන් ප්‍රධාන පන්දු යවන්නන් වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් ඉවත් කර තිබේ.

39 හැවිරිදි ඇන්ඩර්සන් තරග 169කදී කඩුලු 640ක් ලබාගෙන ඇති අතර ඔහු ටෙස්ට් තරග වලදී එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වේ.

35 හැවිරිදි බ්‍රෝඩ් එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔහු තරග 152කදී කඩුලු 537ක් දවාගෙන ඇත.

ඇන්ඩර්සන් සහ බ්‍රෝඩ් දෙදෙනාම ඔස්ට්‍රේලියාවේදී පසුගියදා පැවැති අළු බඳුන තරගාවලියට ක්‍රීඩා කළ අතර එහිදී එංගලන්තය 4-0ක් ලෙස පරාජයට පත් විය.

පසුව, එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්, ක්‍රිකට් අධ්‍යක්ෂ ඈෂ්ලි ගයිල්ස් සහ සහය පුහුණුකරු ග්‍රැහැම් තෝර්ප් යන සියලු දෙනාම තම තනතුරුවලින් ඉවත් වූහ.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා එංගලන්තයේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පෝල් කොලින්වුඩ් පත් කර ඇත.

එංගලන්තය පෙබරවාරි 25 වනදා ඇන්ටිගුවා වෙත පැමිණෙන අතර මාර්තු 1 වනදා ආරම්භ වන සිව්දින පෙරහුරු තරඟයකින් අනතුරුව ටෙස්ට් තරඟ තුනකට ක්‍රීඩා කරනු ඇත.

පළමු ටෙස්ට් තරගය මාර්තු 8 වැනිදා ඇන්ටිගුවා හි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

England Men’s Test squad

  • Joe Root (Yorkshire) captain
  • Jonathan Bairstow (Yorkshire)
  • Zak Crawley (Kent)
  • Matthew Fisher (Yorkshire)
  • Ben Foakes (Surrey)
  • Dan Lawrence (Essex)
  • Jack Leach (Somerset)
  • Alex Lees (Durham)
  • Saqib Mahmood (Lancashire)
  • Craig Overton (Somerset)
  • Matthew Parkinson (Lancashire)
  • Ollie Pope (Surrey)
  • Ollie Robinson (Sussex)
  • Ben Stokes (Durham)
  • Chris Woakes (Warwickshire)
  • Mark Wood (Durham)

Fixtures

1-4 Tour match

8-12 1st Test, Antigua (14:00 GMT)

16-20 2nd Test, Barbados (14:00 GMT)

24-28 3rd Test, Grenada (14:00 GMT/15:00 BST

WP Twitter Auto Publish Powered By : XYZScripts.com