මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පෙබරවාරි 16 වැනිදායින් අනතුරුව නැවත වතාවක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.
ඉන්දියාවෙන් ශ්‍රි ලංකාවට ලැබීමට නියමිත ඉදිරි ණය සහන සහ ඉන්දියානු ආයෝජකයන් ඉදිරියේදී ශ්‍රි ලංකාවේ සිදුකිරීමට නියමිත ආයෝජන පිළිබඳ මුදල් ඇමැතිවරයාගේ මෙම සංචාරයේදී අවධානය යොමු කෙරෙනු ඇත. මුදල් ඇමැතිවරයාගේ මෙම ඉන්දීය සංචාරය පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත්තේ එරට ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී ඇති විදේශ ඇමැති මහාචාර්ය ජී.ඇල්. පිරිස් විසිනි. විදේශ ඇමැතිවරයා සිය තුන්දින නිල ඉන්දීය සංචාරය ඊයේ (08 වැනිදා) අවසන් කළේය.
“මගේ සගයා වන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉන්දියාවට පැමිණියා. එමෙන්ම ඉදිරි ගිවිසුම් තහවුරු කිරීම සඳහා ඔහු මේ මස දහසය වැනිදායින් පසුව දෙවන සංචාරයකට පැමිණීමට නියමිතයි. ආගන්තුක සත්කාරය, ආහාර සැකසීම, සිමෙන්ති සහ ඖෂධ නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක විශාල වශයෙන් ආයෝජනය කිරීමට පැමිණීම කෙරෙහි ඉන්දියානු පෞද්ගලික අංශය දිරිමත් කිරීමට ඉන්දියාව කටයුතු කරනු ඇත.” යැයි විදේශ ඇමැතිවරයා එහිදී පවසා ඇත.
ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් සමග මීට සති තුනකට පෙර මුදල් ඇමැතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී පැමිණි අවසන් එකඟතාවන්ට අනුව මේ වන විට ඉන්ධන ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 500ක ණය සහනයක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පිරිනමනු ලැබීය. මිට අමතරව මේ වන විට ලබාදී ඇති ඩොලර් මිලියන 515ක හුවමාරු ණය පහසුකමක් කල්දැමීමට සහ අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 1000ක ණය පහසුකමක් ලබාදීමටද ඉන්දියාව එකඟතාව පළකර ඇත.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ