තමන්ට අයත් හෙක්ටයාර් 3800000 ක භූමි ප්‍රමාණයක් චීනය නීතිවිරෝධීව අත්පත් කරගෙන ඇතැයි ඉන්දියාව චෝදනා කරයි.
වසර 60 ක කාලයක් තිස්සේ චීනය අත්පත් කරගෙන ඇතැයි පැවැසෙන්නේ චීනය, ඉන්දියාව සහ පාකිස්තානයට අයත් ලඩාක් ප්‍රාන්තයේ ඉන්දියාව අයිතිවාසිකම් කියන භූමි ප්රදේශයකි.
ලොක්සභාවේදී මෙම චෝදනා එල්ල කළේ ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍ය වී. මුරලිදරන් ය.
අමාත්‍ය වී. මුරලිදරන් වැඩි දුරටත් චෝදනා කර ඇත්තේ 1963 වර්ෂයේදී පාකිස්තානය විසින් ඉන්දියාවට අයත් භූමියෙන් හෙක්ටයාර් 518000 ක ප්‍රමාණයක් චීනයට නිතිවිරෝධි ලෙස පවරා දී ඇති බවය. ඒ 1963 දී චීනය සහ පාකිස්තානය අතරේ ඇති කරගත් ගිවිසුමක් මගිනි.
අමාත්‍ය මුරලිදරන් වැඩි දුරටත් පවසා ඇත්තේ චීනය සහ පකිස්ථානය අතර අත්සන් කළ මායිම් ගිවිසුම නිත්‍යානුකුල එකක් ලෙස ඉන්දීය රජය පිළිගෙන නොමැති අතර එය වලංගු ගිවිසුමක් නොවන බවය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි