ජූලි චන් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස දිවුරුම් දී තිබෙනවා.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර රාජ්‍ය ලේකම්වරියක වන ජූලි චන් වොෂින්ටනයේදී ඊයේ මෙලෙස දිවුරුම් දී ඇත්තේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ආර් ශර්මන් ඉදිරියේයි.
ජෝ බයිඩ්න් පරිපාලනය විසින් ඇය පත් කරනු ලැබුවා
ඒ පිළිබඳ ට්විටර් සටහනක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය සඳහන් කළේ, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කීර්තිමත් සේවා කාලයක් මෙන්ම නායකත්ව කුසලතාවන්ගෙන් හෙබි ජූලි චන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සහයෝගිතාව ගොඩනැංවීමේ නිවැරදි තේරීමක් බවයි.
ජූලි චන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බටහිර අර්ධගෝල කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළා.
කොරියානු සම්භවයක් සහිත ඇය චීනයේ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරියක ලෙසද කටයුතු කළා
More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය