ලෝකයේ රටවල් රැසක් මේ වනවිටත් තම වැසියන්ට යුක්රේනයෙන් පිටව යන ලෙස නියෝගකර තිබෙනවා. රුසියාව ඕනෑම මොහොතක යුක්රේනය ආක්රමනය කිරීමට ඉඩ පවතින බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ජාත්‍යන්තර ප්‍රජාව තම වැසියන්ට යුක්රේනයෙන් පිටව යන ලෙස පැවසුවත් කලබලවී ක්‍රියා කිරීම කිසිසේත්ම අනවශ්‍ය බවයි යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ.
ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය , ජර්මනියන , ඕස්ට්‍රේලියාව , යුරෝපා සංගමය හා ඉතාලිය ඇතුළු රටවල් රැසක් තම වැසියන්ට යුක්රේනයෙන් පිටව යන ලෙස ඊයේ දැනුම් දුන්නා. ඕනෑම මොහොතක රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට ඉඩ ඇති බවයි ඇමෙරිකාව පෙන්වා දෙන්නේ. කෙසේ වුවද අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා සහ රුසියා ජනාධිපතිවරුන් අතර ඊයේ දිනයේ ද දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් ඔවුන්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ. තම ආරක්ෂාවට බලපා ඇති තර්ජනාත්මක පියවර සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්රමුඛ සන්ධානය අවධානයක් යොමු නොකිරීම සම්බන්ධයෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මෙහිදී තම අප්‍රසාදය පළකර තිබෙනවා.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්