මව දුරකතනය ලබානොදීමට උරණ වූ 12 හැවිරිදි පාසල් සිසුවෙකු සියදිවි හානි කරගත් පුවතක් අනුරාධපුර, දහයියාගම ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.
ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කිරීමට ඇබ්බැහි වී සිටි මෙම සිසුවා අධ්‍යාපන කටයුතු මගහැර තිබීම හේතුවෙන් බැණ වැදී පසුගිය 11 වැනිදා මව ජංගම දුරකතනය උදුරාගෙන ඇත. ඊට උරණ වූ දරුවා නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවක කාමරයේදී සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් විමර්ශන මගින් හෙළිවී තිබේ.
සිසුවා ඉගෙනීමට දක්ෂයකු වන අතර ඔහු අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමයෙන් සිදුවූ අවස්ථාවේදී මවගේ ජංගම දුරකතනයෙන් අධ්‍යාපන කටයුතු සිදුකර ඇත. ඒ අවස්ථාවේ ජංගම දුරකතන ක්‍රීඩා සඳහා පුරුදු වී තිබේ.
දරුවාගේ මව රාජ්‍ය ආයතනයක ලිපිකාරිණියකි. පියා පෞද්ගලික බස් සමාගමක සේවකයෙකි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ