මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා ජනතාව එක්රොක්වන තත්ත්වයක් ඇති වුවහොත් මහනුවර නගරයට ඇදිරිනීතිය පනවන බව පොලිසිය පවසනවා.
පෙරහැර ආරක්ෂක රාජකාරී සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මහනුවරදී මාධ වෙත අදහස් දක්වමින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා මේ බව ප්‍රකාශ කළා.
මේ අතර ඊයේ පළමු රංදෝලි පෙරහැර සාර්ථකව වීථි සංචාරය කළ බව දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පැවැසුවා.
ජනතාව නොමැති පරිසරයක් තුළ පෙරහැර මංගල්‍ය පැවැත්වීමට සිදුවීම කණගාටුවට කරුණක් වුවද පවතින කොරෝනා අවදානම මැඩපැවැත්වීමේ ක්‍රියාදාමයට සහයෝගය ලබාදීම සැමගේ වගකීමක් බවයි ඔහු පෙන්වා දුන්නේ.
එමෙන්ම කුඹල් පෙරහැර වීථි සංචාරය කරන දෙවන දිනය අදයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ