නිතිවිරෝධී වී මිලදී ගත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

නිතිවිරෝධී වී මිලදී ගැනීමක් සම්බන්ධයෙන් වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමණාකාරවරයා මෙන්ම සහකාර ප්‍රාදේශීය කළමණාකාරවරියගේ සේවය, අත්හිටුවා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ වයඹ ගොවි සංවිධාන නියෝජිතයන් කළ පැමිණිල්ලකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි.

නිකවැරටිය ප්‍රදේශයේ වී ගබඩා 02 ක පරණ වී ගබඩා කරමින් ඇති බවටයි පැමිණිලි ලැබී තිබුණේ.

ඒ සම්බන්ධයෙන් විගණන නිලධාරීන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ අතර කිලෝග්‍රෑම් ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අදාල ගබඩා තුළ කල් ඉකුත් වූ කිලෝග්‍රෑම් ලක්ෂ 03 කට අධික ප්‍රමාණයක වී තොග පවතින බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව එම වී ගබඩා මුද්‍රා තබා ඇති අතර එම වී මිලදී ගැනීම හා ගබඩා කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නියෝගයට අනුව නිළධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com