මෙරට තුළ තවමත් මුහුණු ආවරණ ඉවත් කිරීමට හැකියාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් මුව ආවරණ ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනක පළවූ අදහසක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.
බූස්ටර් මාත්‍රාව 40%කට ආසන්න ප්‍රමාණයකට පමණක් තවම ලබා දී ඇති අතර එය 70%ක් 80%ක ප්‍රමාණයකට පැමිණි පසු දැනට පවතින මාර්ගෝපදේශ ඉවත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි සිතිය හැකි බව ඔහු පවසයි.
මේ දිනවල පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් දැනට කිසිසේත්ම මුහුණු ආවරණ ඉවත් කිරීමේ හැකියාවක් නොපවතින බව ඔහු සඳහන් කරයි.
“තමන්ගේ නිවසින් පිටව යනවිට කරුණාකරලා මුහුණු ආවරණය පැලඳ ගන්න හරි විදිහට. කෑම ගන්නා අවස්ථාවේදී විතරක් මුහුණු ආවරණ ගළවන්න. අනිත් හැමවෙලේම මුහුණු ආවරණ පැලඳගෙන ඉන්න. මේක තමයි මට දෙන්න පුළුවන් එකම පණිවුඩය. අපි කිසිසේත්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලෙස හෝ රටක් ලෙස මුහුණු ආවරණ පැලඳීම ඉවත් කරන්න ඕනේ කියන මතයේ හෝ ඒ තීරණය කිසිම දිනක මේවන තෙක් අරගෙන නැහැ.”ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ