රුසියානු හමුදා කණ්ඩ යුක්රේනයේ කිව් අගනගරයට ඇතුඵ වීමත් සමග එය බේරා ගැනීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කිව් නගරාධිපති විටර්ලි ක්ලිස්ට්චිකෝ පියවරගෙන තිබෙනවා.
ඒ අනුව එරට වේලාවෙන් අද පස්වරු පහේ සිට නගරය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ඔහු ප්‍රකාශ කළේ.
රුසියානු ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඔහු අගනුවර වැසියන්ගෙන් ඉල්ලා සිටියා.
දෙපාර්ශවය අතර දරුණු ගැටුම් සිදුවන කිව් අගනුවර අත්පත් කර ගැනීම සදහා රුසියානු ආරක්ෂක අංශවලට තවත් සුඵ වේලාවක් කැප කිරීමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර රුසියාව ආක්‍රමණය කිරීමෙන් පසු කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු යුක්රේන ජාතිකයන් 198 දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය වික්ටර් ලියාෂ්කෝ ප්‍රකාශ කළා.
රුසියානු ආක්‍රමණයට මුහුණ දී සිටින යුක්රේනය වෙත ඩොලර් මිලියන 350ක් වටිනා යුධ ආධාර ලබාදෙන ලෙස ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ රුසියානු ආක්‍රමණිකයාට එරෙහිව සන්නද්ධ වීමට සහාය වන ලෙස යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලන්ස්කි කළ ඉල්ලීමකට අනුවයි.
මේ අතර, යුක්රේනය සහ රුසියාව අතර හටගෙන ඇති යුධමය වාතාවරණය සමථයකට පත්කර ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලන්ස්කි ප්‍රකාශකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වර්තා කලේ ඒ සඳහා සුදුසු ස්ථානයක් සහ වේලාවක් වෙන් කර ගැනීම පිළිබද සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.
රුසියාවද ඊයේ ප්‍රකාශ කළේ යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා සූදානම් බවයි.
ඔවුන් ඒ සඳහා බෙලරූස් රාජ්‍යයේ මින්ස්ක් අගනුවර යෝජනා කර තිබූ අතර යුක්රේනය මෙම සාකච්ඡා සඳහා යෝජනා කර තිබුණේ පෝලන්තයේ වොර්සෝ අගනුවරයි.
මේ අතර රුසියානු ධජය යටතේ යාත්‍රා කළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සිය භාරයට ගැනීමට ප්‍රංශ පොලිසිය කටයුතු කර තිබෙනවා.
රුසියාවට ආර්ථික සම්බාධක පැනවීමත් සමඟ මෙලෙස භාණ්ඩ ප්රවාහණය කිරීම නීති විරෝධි වන අතර ඒ හේතුවෙනුයි අදාළ නෞකාව ප්‍රංශ පොලිස් භාරයට ගෙන ඇත්තේ.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්