කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් සඳහා රජයේ ආයතනවල නිලධාරින් කැඳවීම සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසුවේ කමිටු රැස්වීම් සඳහා නිලධාරීන් සුළු පිරිසක් කැඳවාගෙන සෙසු නිලධාරීන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවයි.
මෙම තත්ත්වය පාර්ලිමේන්තු සෙසු කාර්ය මණ්ඩලයේද ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් සිදු කළ එකක් බවයි සහකාර මහ ලේකම් වරයා වැඩිදුරටත් කියා සිටියේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ