මහජනතාවගේ අයිතිවාසිකමක් අහිමිකරමින් හෙට දිනයේ සිට පැය 7 1/2 ක විදුලි කප්පාදුවක් සදහා අවසර දීමට සිදුවු අද දිනය අඳුරු දවසක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කරයි. මේ වන විට පැන නැගී ඇති ගැටළුව විදුලි අර්බුදයක් නොවන අතර මුල්‍ය අර්බුදයක් හා විදේශ විනිමය අර්බුදයක් හේතුවෙන් විදුලි සැපයුමට බාධා පැමිණීමකි. ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ඉංධන ආනයන සදහා අවශ්‍ය විදේශ විනිමය ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට අතිගරු ජනාධිපති තුමා විසින් ද උපදෙස් දී තිබුණද ඒ උපදෙස් වලට අනුව අදාල පාර්ශ්වයන් ක්‍රියාකර ඇති බවක් නොපෙනේ. අවශ්‍ය ඉංධන නොලැබීම හේතුවෙන් ඉංධන බලාගාර අක්‍රිය වී තිබේ.
තෙල් ගැටලුව එසේම පැවතුනොත් දිගටම මෙ විදිහටම කප්පාදුව කරන්න වන බව ඔවුන් සදහන් කරා.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්