ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වීමට නියමිතයි.
තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9 යි 30 ට පන්ජාබ් හි මොහාලි ක්‍රීඩාංගනයේදී ආරම්භ වන අතර තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ පුහුණුවීම් සාර්තකව ක්‍රියාත්මක වන බවයි නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේ.
අද පැවැත්වෙන තරගය සඳහා බටහිර කොදෙව් තරගාවලියට එක් නොවූ ළහිරු තිරිමාන්න නැවත කණ්ඩායමට එක් කර තිබෙනවා.
ඒ අනුව ළහිරු තිරිමාන්න හා දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිත අතර කොදෙව් තරගාවලියෙහි ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ පැතුම් නිස්සංක අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පසුගිය ඕස්ටේ්රලියානු සංචාරයේදී ආබාදයකට ලක්වූ කුසල් මෙන්ඩිස් මේ වන විට යථා තත්ත්වයට පත්ව ඇති නමුත් අද පැවැත්වෙන තරගයෙන් ඔහු විවේක ගන්වා ඇති බවයි නායක දිමුත් කරුණාරත්න වැඩිදුරටත් සඳහන් කළේ.
අද තරගය සඳහා ජාත්‍යන්තර තරග තහනමින් පසු කඩුළු රකින ක්‍රීඩකයා ලෙසින් නිරෝෂන් දික්වැල්ල එක්කර කර තිබෙනවා.
අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 300 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය වන අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ අවසන් ජාත්‍යන්තර තරගයද වනවා.
එමෙන්ම ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි හෙට පැවැත්වෙන තරගයේදී තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිය වන තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අතර රෝහිත් ෂර්මා ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු ලෙස ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කරන පළමු තරගයද මෙයයි.
මොහාලි හීදී අද ආරම්භ වීමට නියමිත තරගය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මුලින් තීරණය කර තිබුණද පසුව ක්‍රීඩාංගන ප්‍රේක්ෂක ධාරිතාවෙන් සියයට 50 කට ඒ සඳහා අවසර ලබා දී තිබෙනවා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි