“වැඩ කරන අපේ විරුවා” අවභාවිතා කරලද?

“වද කරන අපේ විරුව” ගීතය අවභාවිත කරන්නන්ට එරෙහිව පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා පොලිසිය ප්‍රතික්ෂේප කරයි.

වද කරණ අපේ විරුව ගීතය අවභාවිත කරන්නන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පියවර ගන්නා බවට සමාජ මාධ්‍ය තුළ මාධ්‍ය වාර්තා පළ විය.

මෙම ගීතය කෙරෙහි මෑත කාලයේ මිනිසුන් අතර ප්‍රවණතාවක් ඇති විය, විශේෂයෙන් තරුණ කණ්ඩායම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 2019 ජනාධිපතිවරණ තේමා ගීතය ගෑස් පෝලිම්වල සහ මැතකදි ඉන්ධන පෝලිම්වල වාදනය කළහ.

කෙසේ වෙතත්, “වැඩ කරන අපේ විරුව” ගීතය අවභාවිත කරමින් ජනාධිපතිවරයාට අපහාස කිරීමට අදහස් කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කරන ලෙසට එවැනි උපදෙස් ලැබී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පොලිසිය ප්‍රතික්ෂේප කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com