ශ්‍රී දළදා වහන්සේ උදෙසාත් සතර මහ දෙවිවරුන් වෙනුවෙනුත් ජූපෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය හිමි කර ගත් නැදුන්ගමුවේ රාජා හස්තියා මිය ගොස් තිබෙනවා.
ඒ උතුම් කාර්යය ඉටුකරන්නට කල්ප කාලාන්තරයක් පෙරුම් පුරා මේ භවයේදී පින් සැපිරූ නැදුන්ගමුවේ රාජා උපන්නේ මෙයට 69 වසරකට පෙර ඉන්දියාවේදීය.
වය අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී මෙරටට ගෙන ආ රාජා 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාළිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවූයේ ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් තම නමට ලියවුණු ගෞරවය ද පෙරදැ කොට ගෙනය.
ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ දිනයේ සිට මිය යන තෙක්ම වාහනයක ගමන් ගෙන නැති රාජා දිවයිනේ පෙරහර මංගල්‍යය සඳහා සහභාගී වීමට ගෙවා ගොස් ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර දහස් ගණනකි.
ගම්පහ, වැලිවේරිය, නැදුන්ගමුවේ සිට මහනුවර ඇසළ පෙරහරට සහභාගි වී යන්නට එන්නට පමණක් එක වර්ෂයකදී රාජා කිලෝ මීටර 190 ක් පමණ දුරක් ඇවිද ගියා.
උසින් අඩි 10 1/2 ක් පමණ වූ රාජාගේ ගාම්භීරත්වය දෙගුණ තෙගුණ වූයේ රාජාට හිමිව තිබූ අඩි පහක් පමණ දිග ස්වේත වර්ණ දළ යුගලයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ