පාසල් වෑන් රථ ගාස්තු ඉහළට

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් පාසල් වෑන් රථ රියදුරන්ද සිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වෑන් රථවල ගමන් කරන දරුවන්ගේ මව්පියන් සමඟ සාකච්ඡා කර සාධාරණ මිලකින් ගාස්තු වැඩි කරන ලෙසට සිය සාමාජිකයන්ට දැන්වූ බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා සඳහන් කළේ.

මේ අවස්ථාවේ දෙමව්පියන්ද ගැටලු රැසක සිටින නිසා නිශ්චිත ප්‍රතිශතයකින් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com