යාපනය කොක්කුවිල් හින්දු ප්‍රාථමික විද්‍යාලයේ තමිල්සෙල්වම් ගජලක්ෂන් සිසුවා මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබා ඉහළම සමත් වි ඇත.
ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහල ලකුණු ලබාගත් ගජලක්ෂන් ශිෂ්‍යාගේ මව ගුරුවරියක් වන අතර,පියා ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරනු ලබයි.
සිය ජයග්‍රාහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තමිල්සෙල්වම් ගජලක්ෂන් සිසුවා මෙසේ කීය,
මම මහත් සතුටට පත්වනවා මේ ලබාගත් ජයග්‍රහනය සම්බන්ධයෙන්. ජයග්‍රාහණය වෙනුවෙන් උපකාර කළ මාපියන්ට හා ගුරුභවතුන්ට ප්‍රථමයෙන් මා ස්තූතිය පිරිනමනවා.
පැවති කොවිඩ් වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් ඉතා අසීරුවෙන් අධ්‍යාපන කටයුතු ගෙනගියේ. සූම් තාක්ෂණය හා අන්තර් ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු ලබාගැනීමට කටයුතු කළ අතර පාසලේ අධ්‍යාපනය ලබාදුන් ගුරුවරුන්ගේ ඉහළ කැපකිරීමක් කොට තමන් ඇතුළු සහෝදර සිසුන්ට අධ්‍යාපනය ලබාදුන් බවද පැවසීය.
අනාගතයේදී තමන් ඉංජිනේරුවරයකු ලෙස ජනතාවට හා රටට සේවයක් කිරීමට බලාපොරොත්තු වන බවද ගජලක්ෂන් සිසුවා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ